01.අම්බලන් ගොඩ -අකුරල කොරල් පරය හුණුගල් කැඩීම නිසා විනාශ වී ගොස් ඇත.මෑත කාලයේ ගොඩනැගිලි ඉදි කිරීම වේගවත් වීමත් සමග කොරල් පර කැඩීම වේගවත් වීමත් සමග කොරල් පර කැඩීමද ශ්‍රිඝ්‍රයෙන් සිදු විය.
02.වැලිගම කප්පරතොට පරය අපනයනය සදහා විසිතුරැ මසුන් අල්ලන්නන් විසින් භාවිතා කරන වැරදි ධීවර ක්‍රම නිසා විනාශ වෙමින් පවතී. කොරල් පරයක් වැසෙන සේ දැල එලා යකඩ කූරකින් කොරල් කොටස් කඩමින් මසුන් දැලට පටලවනු ලැබේ.මෙසේ අල්ලාගත් විසිතුරැ මසුන් අපනයනයෙන් විනිමය උපයා ගන්නා මිනිසා ඒ මසුන්ට උපත හා ජීවය දුන් කොරල් පර ගැන නොසිතීම දැයේ අවාසනාවකි.
03.පොල්හේන් ගොඩ කොරල් පරයට තර්ජනයක් වී ඇත්තේ සුදු කොහු සෑදීම සදහා පොල් ලෙලි පල් කිරීමට වෙරළ ආශ්‍රිත කොරල් පර සහිත ප‍්‍රදේශ යොදා ගැනීමයි
.
04. හික්කඩුව කොරල් පරයේ විනාශයට හේතු වී ඇත්තේ සංචාරක වාපාරයයි.විනිවිද පෙනෙන පතුල් සහිත මෝටර් බෝටිටු වල නැගී සංචාරකයන් කොරල් පර මත ගමන් කිරීම ද විදේශිකයන්ට විකිණීමට කොරල් ගල්මල් කැඩීම ද විනාශ කාරී පියවරයන් ය.
05.ඉතා ප්‍රචණ්ඩ කුණාටු පවතින විටද කොරල් පර වලට හානි පැමිනේ.
06.මසුන් මැරීම සඳහා ඩයිනමයිට් දැමීම නැව් හා බෝට්ටු මගින් දැවි තෙල් මුහුදට දැමීම කර්මාන්ත ශාලා වල අප ද්‍රව්‍ය කොරල් ජලතල මතට මුදා හැරීම ධීවරයන් තම යාන්ත්‍රික බෝට්ටු වල නැංගුරම් කොරල් මත දැමීම කොරල් පර විනාශයට හේතු වී ඇත.
07.රට අභ්‍යන්තරයේ කෙරෙන වන විනාශය නිසා ගංඟා මගින් ගෙන එන රොන්මඩ කලපුවල කොරල් මත තැන්පත් වීමත් කඩොලාන ශාක විනාශයත් කොරල් පර වලට හානිදායකය.