කොරල් වැඩීමට අවශය භෞතික සාධක ? ? ?
කොරල් පර ව‍්‍යාප්ත වී පවතිනුයේ උත්තරාංශක 30ත් දක්‍ෂිණාංශක 30ත් අතර වු ඝර්ම කලාපීය උණුසුම් නොගැඹුරැ සාගර තීරයන්හිය.කොරල් පර නිර්මාණය වීමට සුවිශේෂී පාරසරික ලක්‍ෂණ පැවතිය යුතුය.සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටි. 20 -24 අතර විය යුතුය.කොරල් පර කලාපයේ උෂ්ණත්වය එකවරම සෙන්ටි. 2-3 කට වඩා ශිඝයෙන් වෙනස් වුවහොත් කොරල් පර වලට හානි සිදුවේ.සාගර ජලයේ ලවණතාවයේ පරාසය 30%-35% අතර වීමත් එය නොවෙනස් ව පැවතීමත් අවශය වේ.හොඳින් සූර්‍යාලෝකය මුහුදු පත්ලට පතිත වීම සඳහා අඩු රළ කැළඹුම් සහිත පැහැදිලි ජල තලයන් කොරල් පර වැඩීමට සුදුසු වේ.කොරල් ජීවීන්ට රැදී සිටීමට ස්ථාවර මුහුදු පත්ලක් ද තිබීම අවශ‍්‍යය සාධකයකි.