කොරල් පරයේ ඇරඹුම.............................

කොරල් පරයේ ඇරඹුම...........

වසර ද.ල.500 කටත් වඩා පැරණි යයි සාගර ජීව විදඥයන් විසින් තීරණය කරන ලද සාගර ජීව කොරල් පර සෙලෙන්ටෙ රාටා(Celen terata)  වංශයේ ඇන්ත්‍රසෝවා(Anthozoa) ජීවීන් විසින් නිර්මාණය කරනු ලැබේ.ඇන්ත්‍රසෝවා(Anthozoa)ජීවී පන්තියට අයත් සාගර ජීවන් වර්ග 6000 ක් පමණ හඳුනාගෙන ඇත.''කොරල්බුහුබාවා'' වශයෙන් හැඳින්වෙන ජල්ලි වැනි මේ කුඩා ජීවී කණ්ඩායම ඉහත කී භෞතික සාධක පවතින සාගර  පරිසරයක ජීවත් වන්නේ සුසැන්තලා (Zooxenthellae)නැමැති කුඩා මුහුදු ඇල් ගී ශාඛ සමඟ සහජීවනයෙනි.කොරල් ජීවීන් විසින් සාගර ජලයේ ඇති සත්ත්ව ප්ලවාංග නමි සත්ත්වයන් ආහාරයට ගනියි.කොරල් ජීවීයාගේ බහිසාවීය දෑ සහ හිරැ එළිය උපයෝගී කරගෙන සුසන්තලේ නැමති අන්වීක්‍ෂීය පැළෑටිය ප‍භාසංස්ලේෂණය කරයි.එමඟින් කොරල් ජීවීයා ඔක්සිජන් ආශ්වාසයට ගනියි.කොරල් ජීවීයාට තම ආරක්‍ෂාවට  සකස් කර ගන්නා කැල්සියමි කාබනේටි සැකිල්ල වර්ධනයට -කැල්සියමි අවශෝෂණය වේගවත් කිරීමට සුසන්තලේ මඟින් සුදුසු පරිසරයක් සැකසෙයි.කොරල් ජීවීන් වාසය කරනුයේ තනි තනිව නොව කාණ්ඩ නැතහොත් ගණාවාස වශයෙන් ගල් පර වලට සවි වීමෙනි.කොරල් ජීවීන් රාශියක් තනනු ලබන ආරක්ෂක සැකිලි එකතුවක් කොරල් පරයක් ලෙස ගැනේ.කොරල් හෙවත් ගල් මල් සෑදෙනුයේ බුහුබාවන් ශ්‍රාවය කරන විශාල චූර්ණ භූත සැකිලි වලිනි.ගස් වල අතු මෙන් වැඩෙන ගල් මල් නිසා ''හික්කඩුව ගල්මල් උයන'' වැනි වර්ණවත් ලෝකයක් දිය යට නිර්මාණය වේ.
කැරිබියන් දූපත් අවට කොරල් පර ලෝකයේ සුන්දරම කොරල් පර ලෙස සැලකේ.ගල්මල් ඇසුරේ ඇති ඇල් ගී වර්ග හේතුවෙන් රතු ,රෝස, වැනි පාට පාටින් අතු විහිදෙන කොරල් පර අතරින් රිංගා යන පැරට් පිෂ් වැනි වර්ණවත් මසුන් සහ කටු පොකිරිස්සන් නිසා සුන්දර ලෝකයක් දිය යට මැවෙයි.ශේෂ්ඨ පරිසර විද්‍යාඥයකු හා ගවේෂකයකු වන චාල්ස් ඩාවින් 1836 දී ඔහුගේ ''බීගල්'' නෞකාවෙන් කළ ගවේෂණ චාරිකා වලදී කොරල් පර පිළිබඳ අධ‍යනයක් කරන ලදි.කොරල් පර සෑදීම පිළිබඳ මත ප‍්‍රකාශ කරන ලදි.ඒවා සෑදීම පිළිබඳ විද්‍යාඥයන්ගේ මතවල එකඟතාවක් අද දක්වාත් නොමැති නමුත් චාල්ස් ඩාවින්ගේ මත අදටත් පිළිගැනේ.