කොරල්පර පිහිටීම වෙරළ ඛාදනය වැලැක්වීමට උපකාරී වේ.බටහිර හා නිරිත දිග වෙරළේ ඇති සජීවීකොරල්
පර තරංග ශක්තිය දුර්වල කර වෙරළ ආරක්ෂා කරයි.වෙරළ සම්පත මෙන් ම ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ද උපකාර වන කොරල්පර අත්‍යාවශ්‍යයෙන් ම සංරක්ෂණය විය යුතු පරිසර පද්ධතිය කි.ඒ සඳහා පහත ක්‍රියා මාර්ග ගත හැකිය.
1. කොරල් මත දැවි තෙල් පොලිතීන් ආදී දූෂක දැමීමෙන් වැලකීම.
2. කොරල් වලින් ලබා ගන්නා හුණු වෙනුවට ඩොලමයිට් ආදී ආදේශක භාවිතය.
3. කොරල් පිලිස්සීමේදි හුණුකොටු ඉවත් කිරීම සහ හුණු වෙළදාම අධෛර්යමත් කිරීම
4. කොරල් කැණීමේ නියැලෙන්නන් සඳහා වෙනත් රැකියා ලබා දීම හා වෙනත් ආදායම් මාර්ග වැඩි දියුණු කිරිම
5. කොරල් මත කිමිදුම් කටයුතු සංචාරක බෝට්ටු ආදිය පැමිණීම සීමා කිරීම
6. කොරල් මත වෙසෙන සැරසිලි මසුන් අල්ලා අපනයනය තහනම් කිරීම
7. කොරල්පර කැඩීම වැලැක්වීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම
8. කොරල්පර ජෛව විවිධත්වයෙන් යුතු අගනා සම්පතක් නිසා ඒ පිළිබඳ අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු පුළුල් කිරීම සහ ඒ සඳහා වෙනම වෙරළ කලාපයක් ප්‍රකාශයට පත් කිරීම.