කොරල් පර ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදේ.
* ගැටිපර
* බාධක පර
* අතෝල පර
ගැටිපර
වෙරළ සීමාව ආසන්නයේ ම පිහිටි සමහර විට වෙරළට සම්බන්ධ වූ මේ උස් මිට් තැන් සහිත වේදිකාවක් ලෙස ගැටිපර නිර්මාණය වේ.එම වේදිකා සමතල හෝ මඳක් අවතල විය හැකිය.මී. 50-500 අතර දිගින් වෙරළට සමාන්තරව විහිදෙන ගැටිපර වර්ධනය වන්නේ නොගැඹුරැ ජලයේය.වෙරලට සමාන්තරව වැටියක් මෙන් විහිදීම නිසා වැටිය හා ගොඩබිම අතර කලපුවක් නිර්මාණය වීමට ඉඩ ඇත.ශී‍්‍ර ලංකාවේ වැඩිපුර දක්නට ඇත්තේ මේ වර්ගයට අයත් කොරල් පරය.ගැටිපරයක කොටසක් තවමත් වැඩෙන සජීවී කොරල් පරයක් විය හැකි අතර ,කොටසක් මිය ගොස් ඇතුවා විය හැකිය.ගැටිපරයක සජීවී සහ වැඩෙමින් පවතින කොටස වන්නේ සාගරය දෙසට ඇති පාර්ශවයයි.එය ගැඹුරැ දිය තෙක් විහිදෙන බෑවුමකි.ලෝකයේ ගැටිපරවලට හොඳම නිදසුන් ඇත්තේ කැරිබියන් මුහුදු කලාපය , රතු මුහුදු වෙරළ හා නැගෙනහිර අප්‍රිකානු වෙරළ තීරයන් ය.
බාධක පර
ගැටිපර මෙන්ම බාධක පරය ද දිග් හැඩයෙන් යුක්තව වෙරළ ට සමාන්තරව විහිදෙන එහෙත් සැලකිය යුතු තරම් වන පළලකින් සහ ගැඹුරකින් යුක්ත වු විශාල කලපුවක් නිසා ගොඩබිමින් වෙන් වී පිහිටන පරයකි. වෙරළත් පරයත් අතර දුර කි.මී.1-5 අතර ප්‍රමාණයක විය හැකිය. මෙයට හොඳම නිදසුනක් වන්නේ නැගෙනහිර ඕස්ටේ්‍රලියාවේ මහා බාධක පරයයි. කී.මී.2000 පමණ දිගින් යුත් මෙම පරය පළලින් කී.මී. 160 පමණ වේ.
අතෝල පර
මෙය කලපුවක් වට කරමින් කවාකාර කොරල් පර පිහිටිමකි. අතෝල ක්‍රම 2 කට නිර්මාණය වේ.යමහල් දුපතක් ගිලා බැසීමෙන් ඒ වටා ඇති කොරල් පර වලල්ලක් මෙන් ඉතිරි වීමෙන් අතෝලයක් සෑදීම එක් ක්‍රමයකි.යමහල් දුපත ස්ථාවරව තිබියදී මුහුදු මට්ටම සහ ඒ සමඟ වැඩෙන කොරල් පරය උස් වීමෙන් ද අතෝලයක් සෑදිය හැකිය .පැසිපික් සාගරයේ සහ ඉන්දියන් සාගරයේ අතෝල සුලභය.මාලදිවයින් වල බොහෝ අතෝල දක්නට ලැබේ.එහි ඇති සුවදිව අතෝලුව ඉතා විශාලය. එහි මැද පිහිටි කලපුව දිහින් කි.මී. 190 කි.පළලින් කි.මී.64 කි.