ශ්‍රි ලංකාවේ සුන්දර කොරල් සම්පත

ශ්‍රි ලංකාවේ සුන්දර කොරල් සම්පත.......



ශ්‍රි ලංකාව ඝර්ම කලාපීය දූපතක් වන හෙයින් කොරල් පර වර්ධනයට හිතකර පසුබිමක් අපේ මුහුදු තීරය ව‍ටා පවතී.මෙරට පැරණිතම කොරල් පර දක්නට ලැබෙනුයේ නිරිත දිග වෙරළ අසබඩය.ඒවායේ වයස අවුරැදු 6000 කටත් වඩා පැරණියයි සාගර විද්‍යාඥයෝ ව්ශ්වාසය පල කරති.එහෙත් මෙරට වැඩිම කොරල් පර ප්‍රමාණයක් දැකිය හැක්කේ උතුරැ නැගෙනහිර වෙරළ තීරයේ ය. නැගෙනහිර වෙරළේ කල්මුණේ කල්කුඩා ප්‍රදේශ වල ප්‍රධාන කොරල් පර දෙකක් ද නීලවේලී තිරැක්කෝවිල්  හා කුච්චවේලි යන ස්ථාන වල කුඩා කොරල් පර ඇත.උතුරැ දිගින් පේදුරැ තුඩුව ඩෙල්ප්ට් වෙරළ හා යාපනය අවට දුපත් වටාත් වයඹින් සිලාවතුර කල්පිටිය කන්දකුලිය ප්‍රදේශවල ද කොරල් පර කිපයක් පිහිටා ඇත.දකුණු දිගින් අම්බලන්ගොඩ -මාතර අතර වෙරළ තීරයේ ද කොරල් පර කීපයකි.එයින් වැදගත්ම සේ සලකනුයේ ගාල්ල රෑමස්සල බොනවිස්ටා කොරල් පරයයි.මෙම කොරල් පර කිහිප වැදගත් වේ.

01 කොරල් පර සමුද්‍ර ඛාදනය වැලැක්වීමට බාධකයක් සේ ක්‍රියා කරයි.මුහුදු රළ හා පොර බදන වෙරළට ස්වාභාවිකව ආරක්ෂාව සපයන ආරක්ෂිත බැම්මක් ලෙස කොරල් පර වැදගත් වේ.
02 කොරල් පර මුහුදු ජීවින්ට ප්‍රජනනය ආහාර ලබා දීම හා ආරක්ෂාව සැලසීම සදහා වැදගත් මොහෙයක් ඉටු කරයි.
03දේශ සංචාරකයන්ට විනෝදාස්වාදය ලබා දීමේ ප්‍රබල මාධ්‍යයක් වේ.විදේශ විනිමය ඉපයීමේ මගකි.බහමාස් දූපත් වල දළ  දේශීය ආදායමින් හරි අඩක්ම ලැබෙනුයේ වෙරළ තීරයේ කොරල් පර උයන් වල නිවාඩු ගත කරන්නට එන විදේශිකයන්ගෙනි. ඕස්ට්‍රෙලියාවේ මහා බාධක පරය නිසා වසරකට එරට උපයන ආදායම ඩොලර් මිලියන 90 කට වැඩිය.
04 කොරල් පර සිය නිවහන් කරගෙන ජීවත් වන කොරල් ජීවින් ගේ ගණන දශ ලක්ෂ ගණනක්  වන හෙයින් ජලජ ජීවින් සමීක්ෂණය කරන පර්යේෂකයන්ට සාගර ජීව විද්‍යාඥයන්ට කොරල් පර සුවිසල් ජිව විද්‍යාත්මක ගබඩා වැනිය.
05ඉස්සන් පොකිරිස්සන් කකුළුවන් බෙල්ලන් හා වෙනත් මසුන් කොරල් පර ආශ්‍රිත කලපුවල වෙසෙන හෙයින් කොරල් පර හොඳ මසුන් බිම් වේ.
06 අපනයනය සදහා විසිතුරැ මසුන් හා ගල්මල් ලබා ගැනීමද තවත් ප්‍රයෝජනයකි.
07ලියුකේමියා සහ පිළිකා වැනි මාරාන්තික රෝග වලට අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනයට  කොරල් පර ආශ්‍රිත ජලජ ජීවින් හා ශාඛ ප්‍රයෝජනයට ගැනේ.