මුහුදු ජීවින් විශාල සංඛ්‍යාවකට ආරක්ෂාව සලසන වෙරළ ඛාදනය ස්වාභාවිකව පාලනය කරන සෞන්දර්යාත්මක වටිනාකම හේතුවෙන් මිනිසාට මානසික තෘප්තියක් ද ලබා දීමට සමත් වී ඇති කොරල් පර විනාශයට එරෙහිව වැඩ සටහන් ගණනාවක්ම ක්‍රියාත්මක වේ.කොරල් පර රැකීමෙහිලා මූලිකවම කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පාරිසරික සැලැස්ම හා සොබා සම්පත් සුරැකීමේ ජාත්‍යන්තර සංගමය මෙහිලා දැඩි ලෙස වෙහෙසෙයි.
.
සොබා දහම් හිතවාදීන් පරිසරවේදීන් රැසක් එක්ව කොරල් පර විනාශයට දායක වන මිනිසුන්ගේ දෙනෙත් හැරීමේ අරමුණින් 1997 වර්ෂය ජාත්‍යන්තර කොරල් පර වර්ශය ලෙස නම් කර සන්නිවේදන මාධ්‍යයන් මඟින් මහජනතාව දැනුවත් කරන ලදි.එක්සත් ජනපදය ජපානය ප්‍රංශය හා තවත් රටවල් පහක අනුග්‍රහය ඇතිව කොරල් පර සුරැකීමට අරමුදලක් පිහිටුවා ඇත.
මෑතදී පිලපීන රජය විසින් සයනයිට් හා ඩයිනමයිට් දමා මසුන් මැරීම තහනම් කර ඇත. ශ්‍රි ලංකාවේ ද ඩයිනමයිට් දැමීම තහනමි කර ඇත.එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පවතින දුර්වලතා එමටය.ශ්‍රි ලංකාවේ කොරල් පර විනාශයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ හුණුගල් ලබා ගැනීම සඳහා පිළිස්සීමට කොරල් පර කැඩීමයි.අකුරල සීනිගම කහව වැරැල්ලාන තොටගමුව තල්පේ සිට අහංගම දක්වා ප්‍රදේශ වල දී මහත් විනාශයක් සිදු වේ. ශ්‍රි ලංකා රජය පිහිටුවන ලද වෙරළාරක්ෂක හමුදාව එම විනාශය වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ගයකි.වැන්දලූස් බොක්කේ හිරිගල් කැඩීම නැවැත්වීම නිසා වෙරළ සකස් වීමේ ප්‍රගතියක් දක්නට ලැබුණි.