Friday, April 22, 2011

සාගර පත්ලේ අපූර්වත්වය '' කොරල් පර'' .....................

සොබා දහම විසින් සාගර පත්ලේ අපූර්ව විසිතුරැ ලොවක් මවන්නට  දායාද කල අනගිම දායාදය කොරල් පර සමිපතයි.නිවර්තන වැසි වනාන්තර,තෘණ භූමි හා තෙත්බිමි සමානවම පරිසරයේ පැවැත්මට කොරල් පර සමිපතය වැදගත් වේ.කොරල් පර නිවහන් කරගෙන ජීවත් වන සාගර ජීවීන්ගේ ගණන දශ ලක්‍ෂ ගණනකි.ධීවර කර්මාන්තයට යොදා ගන්නා මුහුදුජීවීන් ලක්‍ෂ ගණනකගේ තිඹිරි ගෙය වන්නේද කොරල් පරය.වෙරළ සුරකින ,සාගරය අලංකාරයක් එක් කරන සොබා දහමේ චමත්කාරඡනක නිර්මාණයක් වන කොරල් පර ''සාගර වැසි වනාන්තර'' වශයෙන් හදුන්වනුයේ නිවර්තන වැසි වනාන්තර තරමටම අගය කල යුතු ජෛව විවිධත්වයෙන් යුතු පරිසර පද්ධතියක් වන හෙයිනි.එහෙත් කොරල් පර ඇත්තේ සීමිත සංඛ‍යාවකි.ඒවා නිවර්තන වැසි වනාන්තර  සමග සැසඳීමේදී 2%ක් පමණ වේ.